ප්රශ්න අංක 07. මුස්ලිම්වරුන්ගේ උත්සව දින මොනවාද?

පිළිතුර - ඊදුල් ෆිතර් සහ ඊදුල් අද්හා.

අනස් (රලියල්ලාහු අන්හු) තුමා දැනුම් දෙන හදීසක, එතුමා මෙසේ පැවසීය: දෙවියන්ගේ දූතයා මදීනා නගරයට පැමිණි අතර, (මදීනා වැසියන්ට) ඔවුන්ට එහි සෙල්ලම් කිරීමට දින දෙකක් තිබුණි, එබැවින් එතුමාණන් මෙසේ විමසීය: "මේ දවස් දෙක මොනවාද?" එවිට ඔවුහු මෙසේ පැවැසූහ. අඥාන යුගයේදී අපි මෙම දවස් දෙකේදී ක්රීඩා කළෙමු. එවිට නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ මෙසේ පැවසූහ. "ඇත්ත වශයෙන්ම, අල්ලාහ් තආලා මෙම දින දෙකට වඩා හොඳ දෙයක් සමඟින් ඊද් අල් ෆිත්රා සහ ඊද් අල්ද්හා යන දින දෙක ඔබ වෙනුවෙන් හුවමාරු කර ඇත." මෙය ඉමාම් අබූ දාවුද් විසින් වාර්තා කොට ඇත.

මෙම දින දෙක හැර වෙනත් උත්සව දිනයන් බිද්අත් හෙවත් නවීණගත ක්රියාවන් වේ.