ප්රශ්න අංක 05. අල්ලාහ් ඔබට ලබා දී ඇති සමහර ආශිර්වාදයන් ගැන සඳහන් කරන්න.

පිළිතුර - 1- ඉස්ලාම් ධර්මය ඔබට ආශිර්වාදයක් ලෙස ලැබී තිබීම සහ ඔබ ප්රතික්ෂේප කරන මිනිසුන්ගෙන් කෙනෙකු නොවන බව.

2- නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කරන කෙනෙකු වීම, තවද බිද්අත් හෙවත් ඉස්ලාමයේ නාමයෙන් නූතන ක්රියාවන් අනුගමනය නොකරන කෙනෙකු වීම.

3- ශ්රවණය කිරීම, පෙනීම, ඇවිදීම සහ වෙනත් හැකියාවන් සෞඛ්ය සහ සුවයෙහි ආශිර්වාදයක් වශයෙන් ලැබී තිබීම.

4- ආහාර පාන සහ ඇඳුම් පැළැඳුම් ආශිර්වාදයක් ලෙස ලැබීම.

සර්වබලධාරි අල්ලාහ්ගේ ආශිර්වාදය අප කෙරෙහි බොහෝය. ඒවා ගණන් කළ නොහැකිය.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා ගණන් කළ ද නුඹලා ඒවා තක්සේරු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය. (සූරා අන්නහ්ල් 16 :18)