ප්රශ්න අංක 04. තහනම් කරන ලද සමහර ගනුදෙනු සහ විකුණුම් වර්ග සඳහන් කරන්න?

පිළිතුරු:

1.වංචාව ඇතුළුව, භාණ්ඩයේ දෝෂය සැඟවීම.

(ව්යාපාර කටයුුතුවලදී) වංචා කිරීම තහනම් කිරීම (සම්බන්ධයෙන් සිදුවීමක්) මෙසේය, වරක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් ) ආහාර විකුණන ස්ථානයක් පසු කරමින් සිටියදී, එතුමාණන් සිය අත එහි (ආහාර මත) එබූ අතර එතුමාගේ ඇඟිලි තෙත් විය, එවිට එතුමා වෙළෙන්දා අමතා මෙසේ පැවසීය: “ ආහාර අයිතිකරුවාණෙනි! මේ මොකක්ද?" එවිට ආහාර අයිතිකරු, "අල්ලාහ්ගේ දූතයාණෙනි!, වර්ෂාව නිසා මේවා තෙත් විය " යනුවෙන් ඔහු පැවැසුවේය: “ඇයි මිනිස්සුන්ට දැක ගත හිකි විදියට මෙම කෑම උඩින් දැම්මේ නැත්තේ? අනුන්ට වංචා කරන්නා මාගෙන් කෙනෙකු නොවේ ”යනුවෙන් නබි කුමා පැවැසුවේය. මෙය මුස්ලිම් වාර්තා කළ හදීසයකි.

2- පොලිය: කෙනෙකු ණයක් ලෙස පුද්ගලයෙකුගෙන් මුදලින් දහසක් ලබා ගනී. එනම් එය නැවැත ගෙවන විට මුදලින් දෙදහසක් ආපසු ලබා දෙන කොන්දේසිය මත.

මෙහිදී වැඩි පුර ගෙවන ලද මුදල පොලිය ලෙස හඳුන්වනු ලැබේ.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: තවද, අල්ලාහ් වෙළඳාම අනුමත කර පොලි (ගැනීම) (හරාම්යැයි) තහනම් කර ඇත. (සූරතුල් බකරා 2:275

3 - රැවටීමෙන් කර ලබන වෙළඳාම තහනම් කර ඇත. උදාහරණයක් වශයෙන් එළදෙනුන්ගේ බුරුල්ලෙහි ඇති කිරි (දොවන්නට පෙර) විකිණීම, ජලයේ සිටන මාලුවන් ඇල්ලීම පෙර ඒවා විකිණීම.

හදීසයක: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) රැවටීමෙන් කරනු ලබන වෙළඳාම තහනම් කර ඇත) මෙය මුස්ලිම් වාර්තා කළ හදීසයකි.