ප්රශ්න අංක 02. ඉහත සඳහන් කරුණු පහ විස්තර කරන්න.

පිළිතුර-

1- අනිවාර්යය දෑ: පස්වේලේ දෛනික යාඥාවන්. රාමසාන් මාසයේ උපවාසය සහ දෙමාපියන්ට ගෞරව කිරීම මේ සඳහා උදාහරණ වේ.

අනිවාර්යය දෑ- ඒවා ඉටුකළ අයට යහපත් ප්රතිඵල ලැබේ. ඒවා අත්හල තැනැත්තාට දඬුවම් ලැබේ.

2-ප්රියජනක දෑ.එනම්, පස්වේලේ අනිවාර්ය සලාතයට පෙර හා පසු සලාතයන් ඉටු කිරීම, රත්රී කාලයේ සලාතයන්, ආහාර පාන සැපයීම, සලාම් පැවැසීම, මේවා අස් සුන්නත් වල් මන්දූබ් යනුවෙන් හඳුන්වනු ලැබේ.

-ප්රියජනක දෑ: ඒවා ඉටුකළ අයට යහපත් ප්රතිඵල ලැබේ, ඒවා අත්හල තැනැත්තාට දඬුවම් නොලැබේ.

විශේෂ සටහන්

මෙය සුන්නාහ්වක් හෝ ප්රියජනක ක්රියාවක් බව මුස්ලිම්වරයෙකුට ඇසුණු විටක, යුහු සුලු ව ඔහු එය කිරීමට ඉක්මන් විය යුතු අතර, නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුය.

3. තහනම් කරන ලද කරුණු - උදා: මත්පැන් පානය කිරීම, දෙමාපියන්ට අකීකරු වීම සහ ඥාති සබඳතා නැති කිරීම වැනි කරුණු වේ.

තහනම් ක්රියාවන්- ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්රතිඵල ලැබේ ඒවා ඉටු කළ තැනැත්තාට දඬුවම් ලැබේ.

4- යම් කිසි දෙයක් වම් අතින් ගැනීම සහ දීම, සලාත් අවස්ථාවේදී එල්ලී තිබෙන තමන්ගේ වස්ත්රය දෑතින් අල්ලා ගෙන සලාහ් ඉටු කිරීම, අප්රිය ක්රියාවන් ය.

-අප්රිය ජනක ක්රියාවන් - ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්රතිඵල ලැබේ. ඒවා කළ තැනැත්තාට දඬුවම් නොලැබේ.

5-අනුමත දෑ: උදා, ඇපැල් ගෙඩි අනුභව කිරීම, තේ පානය කිරීම. මේවා හලාල් (අනුමත දෑ) යනුවෙන් හඳුන්වනු ලැබේ.

-අනුමත දෑ- ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්රතිඵල නොලැබේ. ඒවා කළ තැනැත්තාට දඬුවම්ද නොලැබේ.