ප්රශ්න අංක 13: මිනිසුන්ගේ හතුරන් කවුරුන්ද?

1. නපුරට මඟ පෙන්වන ආත්මයයි: එනම්, කෙනෙකු තම ආත්මය හා අභිමතයට යටත්වී ඔහුට අණ කරන දේ අනුගමනය නොකරන විට, භාග්යවත් හා උත්තරීතර අල්ලාහ්ට අකීකරු වේ. ඔහු නපුරට යොමු වෙයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. නියත වශයෙන්ම ආත්මය පව් කිරීමට දැඩි ලෙස පොලඹවන්නකි. නමුත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය; මහා කරුණා ගුණයෙන් යුක්තය. සූරත් යූසුෆ් 12:53 2.ශයිතාන්: ඔහු ආදම්ගේ පුත්රයාගේ සතුරා වන අතර, ඔහුගේ ඉලක්කය වන්නේ මිනිසා නොමඟ යැවීමයි, ඔහුව නපුරට යොමු කිරීම සහ ඔහුව නිරයට ඇතුළු කිරීමයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. සැබැවින්ම ඔහු නුඹලාට ප්රකට සතුරෙකි. සූරා බකරා 2:168 3. නරක මිනිසුන්: ඔවුහ් අයහපත වෙත දිරිමත් කරන අතර අයහපත වළක්වන අයවලුන් සිටිති. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. මිතුරෝ එදින එකිනෙකාට සතුරු වෙති. නමුත් දේව බිය බැතිමතුන් හැර. සූරත් සුහ්රුෆ් 43:67