ප්රශ්න අංක 41. පරීක්ෂණයට ලක් වූ කෙනෙකු දුටු විට කළ යුතු අයැදීම කුමක්ද?

අල්හම්දු ලිල්ලා හිල්ලදී ආෆානී මිම්මා ඉබ්තලාක බිහි, වෆද්දලනී අලා කසීරින් මිම්මන් හඃලක තෆ්දීලා. තේරුම- අල්ලාහ් කුමන දෙයකින් ඔබව පරීක්ෂණයට ලක් කර ඇත්තේද, තවද ඔහු මවා ඇති බොහෝ අයවලුන්ට වඩා මා විශිෂ්ඨත්වයට පත් කළ ඒ අල්ලාහ්ටම සියලූ ප්රසංශා හිමිවේවා. ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.