අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන් වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන්. අල්ලාහුම්ම ඉන්නා නස්අලූක ෆ සෆරිනා හාදල් බිර්ර වත්තක්වා වමිනල් අමලි මා තර්ළා. අල්ලාහුම්ම හව්වින් අලයිනා සෆරනා හාදා වත්වි අන්නා බුඃදහූ. අල්ලාහුම්ම අන්තස් සාහිබු ෆිස් සෆරි වල්-හඃලීෆතු ෆිල්-අහ්ලි, අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මින් වඃසාඉස්-සෆරි ව කඅබතිල්-මන්ළරි වසූඉල් මුන්කලබි ෆිල් මාලි වල්-අහ්ලි.
තේරුම: අල්ලාහ් අති ශ්රේෂ්ඨය, අල්ලාහ් අති ශ්රේෂ්ඨය, අල්ලාහ් අති ශ්රේෂ්ඨය, මෙය අප හට වසඟ කර දුන්නාවූ (අල්ලාහ්) සුවිශුද්ධය. ඒ සඳහා කිසිම හැකියාවක් අපට නොමැත. නියත වශයෙන්ම අපගේ පරමාධිපති වෙතම අපි නැවත යා යුත්තෝ වෙමු. යා අල්ලාහ්! මෙම ගමනේදී යහ පතද බියැබතිමත්භාවයද ක්රියාවලින් ඔබ පිළිගන්නා දෑද ඔබෙන් අයැද සිටින්නෙමු’ තවද යා අල්ලාහ්! අපේ මෙම ගමන පහසු කරනු මැනව’ එහි දුර කෙටිකර දෙනු මැනව. මෙම ගමනේ සගයා උරුමකරු ඔබයි’ පවුලේ නියෝජිතයාද ඔබයි. යා අල්ලාහ්! මෙම ගමනින් සිදුවිය හැකි වෙහෙසෙන්ද මගේ ඉරියව්වල වෙනස්වීමෙන්ද මගේ පවුලට හා මගේ ධනයට සිදුවිය හැකි නරකින්ද ආරක්ෂා කරන මෙන් මා ඔබෙන් පතමි.
ගමන් බිමන් ගොස් ආපසු හැරී පැමිණීමෙන් පසු මෙසේ ප්රාර්ථනා කළ යුතුයි.
ආයිබූන තාඉබූන ආබිදූන ලිරබ්බිනා හාමිදූන්. තේරුම -ආපසු හැරී නැවත සේන්දු වූවෙමු, පව්වලට පාපොච්චාරණය කරන්නේමු. අපගේ පරමාධිපතියාණන්ට නැමැදුම් කර ඔහු ප්රශංසා කරන්නෙමු. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.