පිළිතුර 1. ආයතුල් කුර්සී. අල්ලාහු ලාඉලාහ ඉල්ලාහුවල් හයියුල් කයියූම් ලා තඋහුදුහු සිනතුන් වලා නව්ම්, ලහූ මා ෆිස්සමාවාති වමා ෆිල්-අර්ලි මන් දල්ලදී යෂ්ෆඋ ඉන්දහු ඉල්ලා බි ඉද්නිහි, යඃලමු මා බයින අයිදීහිම් වමා හඃල්ෆහුම්, වලා යුහීතූන බි ෂෙයිඉන් මින් ඉල්මිහි, ඉල්ලා බිමාෂාඅ, වසිඅ කුර්ෂියියුහුස් සමාවාති වල්-අර්ළ වලා යඌදුහු හිෆ්ලූහුමා වහුවල් අලියියුල් අලීම්.
තේරුම- අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්මක් ඇත්තා ය.මඳ නින්ද හෝ (තද) නින්ද ඔහු ව ග්රහණය නොකරන්නේය. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහු අනුමැතිය දුන් අය මිස ඔහු අබියස මැදිහත්වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත වූ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්රහණය නොකරති. ඔහුගේ ආසනය අහස් හි හා මහපොළොවෙහි ව්යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය.[255]. (සූරතුල් බකරා 2:255) 2- බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම්. (1) (නබි මුහම්මද්!) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය. (2) අල්ලාහ් ස්වාධීනය. (3) ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. (4) තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය. තුන් වතාවක් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි. (1) “(නබිවරය!) අරුණෝදයේ පරමාධිපතිගෙන් මම ආරක්ෂාව පතමි යැයි පවසනු.” (2) “ඔහු මැවූ දෑහි හානියෙන්...” (3) තවද අඳුර විහිදුණු විට එහි හානියෙන්, (4) තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන්, (5) තවද, ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන්ද (ආරක්ෂාව පතමි.) තුන් වතාවක් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි. 1. (නබි මුහම්මද්!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. 2. (ඔහු) මිනිසුන්ගේ රජුය. 3. මිනිසුන්ගේ දෙවියාය. 4. (නපුරු) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ඔහුගෙන් ආරක්ෂාව පතමි.) 5. ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි. 6. (ඇසෙන නොපෙනෙන ජීවී විශේෂයක් වූ) ජින්නුන්ගෙන්ද මිනිසුන්ගෙන්ද වෙයි. තුන් වතාවක් අල්ලාහුම්ම අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත හඃලක්තනී වඅන අබ්දුක වඅන අලා අහ්දික වවඃදික මස්තතඃතු අඌදු බික මින් ෂර්රි මා සනඃතු අබූඋ ලක බිනිඃමතික අලෙයිය වඅබූඋ බිදන්බී ෆඃෆිර්ලි ෆඉන්නහූ ලා යඃෆිරුද් දුනූබ ඉල්ලා අන්ත.තේරුම:- යා අල්ලාහ්! ඔබ මගේ පරමාධිපතියාණන්ය. නැමදීමට එකම සුදුස්සා ඔබ හැර අන් කිසිවෙකු නැත. ඔබ මාව මැව්වේය. මම ඔබේ ගැත්තෙකු වෙමි. මම ඔබේ ගිවිසුමට අවනත වී මට හැකි උපරිමයෙන් පොරොන්දු ඉෂ්ඨ කරමි. මම කළ දෑහි නපුරෙන් ඔබගෙන් ආරක්ෂාව පතමි, ඔබ මට ලබා දී ඇති ආශිර්වාදයන් මගින් මා ඔබ වෙතම හැරෙන්නෙමි. තවද මා කළා වූ පාප කර්මයන් මම පිළිගනිමි. එබැවින් මට සමාව දෙනු මැනව. නිශ්චය වශයෙන්ම ඔබ හැර පාපයන් සඳහා සමාව දීමට වෙන කිසිවෙකු නැත. මූලාශ්රය බුහාරි