එනම් යහපත් කටයුතු වලදී එකිනෙකා අතර අන්යෝන්ය වශයෙන් උදව් උපකාර කර ගැනීම
අන්යෝන්ය වශයෙන් උදව් උපකාර කර ගැනීම සඳහා උදාහරණ
(අනුන් සතු) අයිතීන් ලබාදීමේදී ඇති කර ගත යුතු සහයෝගීතාවය.
අපරාධ කරන්නාට ප්රතිචාර දැක්වීමට සහයෝගයෙන් කටයුතු කිරීම.
නැති බැරි අයගේ සහ අවශ්යතා ඇති අයගේ අවශ්යතා සපුරාලීමේදී සහයෝගයෙන් කටයුතු කිරීම.
සියලු යහපත සඳහා සහයෝගීතාවය දැක්වීම.
පාප ක්රියා, හානි සිදුකිරීම් සහ ආක්රමණ කිරීම් වැනි කරුණු වලට සහයෝගය නොදීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නොකරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය. (සූරා අල් මාඉදා 5:2) නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. “විශ්වාස කරන්නාට තවත් විශ්වාස කරන්නෙකු සමඟ ඇති සම්බන්ධතාවය ගොඩනැඟිල්ලක් වැනිය, එය එකිනෙක ශක්තිමත් කරයි. මූලාශ්රය : බුහාරි හා මුස්ලිම්. නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. මුස්ලිම්වරයෙකු යනු (තවත්) මුස්ලිම්වරයෙකුගේ සහෝදරයෙකි. ඔහු ඔහුට වරදක් කරන්නේවත්, වැරදි කරන කෙනෙකුට ඔහුව භාර දෙන්නේවත් නැත. යමෙක් තම සහෝදරයාගේ අවශ්යතා ඉටු කරන්නේ නම්, අල්ලාහ් ඔහුගේ අවශ්යතා ඉටු කරයි; යමෙක් මුස්ලිම්වරයෙකුව ඔහුගේ කරදරවලින් මුදවන්නේ නම්, නැවත නැඟිටීමේ දිනයේදී අල්ලාහ් ඔහුගේ කරදර සමනය කරයි. තවද යමෙක් මුස්ලිම්වරයෙකුගේ (ඔහුගේ පාපය) වසන් කරන්නේ නම්, අල්ලාහ් ඔහුව (ඔහුගේ පාප) නැවත නැඟිටීමේ දිනයේ වසන්නේය." මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.