පිළිතුර - උත්තරීතර වූ අල්ලාහ්ට අවනත වීමේදී ඉවසීමකින් යුතුව කටයුතු කිරීම.
පව් ඉදිරියේ (එයින් වැළැකී සිටීම සඳහා) ඉවසීමෙන් කටයුතු කිරීම.
(අල්ලාහ්ගේ කැමැත්ත අනුව) වේදනාකාරී සිදුවීම් වලදී ඉවසීම සහ ඒ සෑම අවස්ථාවකදීම අල්ලාහ්ට ප්රශංසා කිරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: " අල්ලාහ් ඉවසිලිවන්තයින් ප්රිය කරයි " 146 සූරා ආලු ඉම්රාන් 3:146 නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. අල්ලාහ් විශ්වාස කරන්නාගේ කරුණු පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත්ය. එය අල්ලාහ් විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට නොවන්නකි. ඔහුට සතුටුදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු කෘතවේදී වෙයි. එය ඔහුට යහපතක් වන්නේය. ඔහුට හානිදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු ඉවසා දරා ගනී. එයද ඔහුට යහපත් වන්නේය. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.