පිළිතුර -1- මට වේදනාව දැනෙන විට;මම මගේ දකුණු අත එම ස්ථානය මත තබා, මම තුන් වරක් මෙසේ කියමි: "අල්ලාහ්ගේ නාමයෙනි", තවද මම මෙසේ කියමි: "මට වැළඳී ඇති සහ මා පරෙස්සම් විය යුතු "නපුරෙන් අල්ලාහ්ගේ මහිමයෙන් සහ බලයෙන් මම රැකවරණය පතමි." යනුවෙන් හත්වතාවක් කියමි.
2- අල්ලාහ් නියම කර ඇති දෙයින් තෘප්තිමත් වෙමි. තවද ඉවසිලිවන්ත වෙමි.
3- මම මගේ අසනීප තත්වයෙන් පසුවන සහෝදරයා බැලීමට ඉක්මනින් යමි. ඔහු වෙනුවෙන් දුආ අයැද සිටිමි. ඔහු සමඟ වැඩි වේලාවක් ගත නොකරමි.
4- ඔහු මගෙන් ඉල්ලා සිටින තුරු බලා නොසිට, මම ඔහු වෙනුවෙන් ආගමානූකූලව මතුරමි.
5- මම ඔහුට ඉවසිලිවන්තව සිටින ලෙසටත්, (අල්ලාහ්ගෙන්) කන්නලව් කරන ලෙසටත්, යාච්ඥා කරමින්, හැකි පමණින් තමන් පවිත්රව සිටින ලෙසටත් උපදෙස් දෙමි.
6- රෝගියකුට කරනු ලබන ප්රාර්ථනාව: "අස්අලුල්ලාහල් අලීම් රබ්බල් අර්ෂිල් අලීම්. අන් යෂ්ෆීක්" හත් වතාවක්. තේරුම- උත්තරීතර අර්ෂයෙහි පරමාධිපති වන සර්වබලධාරී අල්ලාහ්ගෙන් මම ඔබට සුවය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.