ප්රශ්න අංක 5: මම මගේ සහෝදරයන් සහ මිතුරන් සමඟ කටයුතු කරන්නේ කෙසේද?

පිළිතුර- 1. හොඳ මිතුරන් සමග මිතු දම් පවත්වමි.

2- මම දුෂ්ටයන්ගේ ඇසුරෙන් වැළකී සිටිම.

3- මම මගේ සහෝදරයන්ට සලාම් කියා ආචාර කර ඔවුන්ට අතට අත දෙමි.

4- ඔවුන් රෝගා තුර වුවහොත් මම ඔවුන් බැලීමට යන අතර ඔවුන්ට සුවය ලැබෙන ලෙස මම යාච්ඤා කරමි.

කිසිවකු කිඹුහුමක් ඇරිය විට ඔහුට ‘යර්හමුකල්ලාහ්’ (අල්ලාහ් ඔබට ආශිර්වාද කරත්වා) යනුවෙන් පැවසීම.

6- ඔහුව (සහෝදරයෙකු) බැහැදැකීමට මට ආරාධනා කළහොත් මම ඔහුගේ ආරාධනයට පිළිතුරු දෙමින් ඔහුව බැහදැකීමට යමි.

7- මම ඔහුට (යහපත සඳහා) උපදෙස් දෙමි.

8- ඔහුට අසාධාරණයක් සිදුවුවහොත් ඔහුට උදව් කරමි, ඔහුව අයුක්තියෙන් වළක්වමි.

10- මා වෙනුවෙන් මම කැමැත්තක් දක්වන්නේ යම් දෙයකටද, ඒ දේ මගේ මුස්ලිම් සහෝදරයාට ලැබීමටද මා කැමැත්තක් දක්වමි.

11- ඔහුට මගේ උදව් අවශ්ය නම් මම ඔහුට උදව් කරමි.

12- වචනයෙන් හෝ ක්රියාවෙන් කිසිම හානියක් ඔහුට සිදු නොකරමි.

13- ඔහුගේ රහස් රකිමි.

14- මම ඔහුට අපහාස නොකරමි, ඔහුට පරුෂ වචනයෙන් කතා නොකරමි, ඔහුව හෙළා නොදකිමි, ඊර්ෂ්යා නොකරමි, ඔහු ගැන ඔත්තු නොබලමි, ඔහුට වංචා නොකරමි.