ප්රශන අංක 17-ශාරීරික අවශ්යතා සපුරා ගැනීමේදී පිළිපැදිය යුතු සදාචාර ධර්ම ගැන සඳහන් කරන්න.

පිළිතුර- 1මම මගේ වම් පාදය ඇතුලට තබා මෙසේ කියමින් ඇතුල් වෙමි.

2- ඇතුල්වීමට පෙර මෙසේ කියමි. "බිස්මිල්ලාහි, අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් හුඃබ්සි වල් හඃබාඉසි." තේරුම:-අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල් වෙමි. යා අල්ලාහ්! කාන්තා හා පිරිමි නරක ජින්වරුන්ගේ හානියෙන් මා ඔබගෙන් ආරක්ෂාව පතමි.

3- අල්ලාහ් සිහි කිරීමට අදාල කිසිවක් මා එයට ඇතුල් වීමේදී රැගෙන නොයමි.

4- ශාරීරික අවශ්යතා සපුරා ගැනීමේදී එම ස්ථානය වසා ගනිමි.

5- ශාරීරික අවශ්යතා සපුරා ගැනීමේ ස්ථානයේදී කතා නොකරමි.

6- මම මුත්රා කරන විට හෝ මළපහ කරන විට කිබ්ලාව දෙසට හැරී හෝ ඒ පෙදෙසට පිටු පස ප්රෙද්ශ හරවා නොසිටිමි.

7- අපිරිසිදු දෑ ඉවත් කිරීමට මම මගේ වම් අත භාවිතා කරන අතර මගේ දකුණු අත භාවිතා නොකරමි.

8- මම මිනිසුන් ගමන් කරන මාර්ගයේ හෝ ඔවුන් (විවේක ගන්නා) සෙවණැලි යට මගේ ශාරීරික අවශ්යතා ඉටු නොකරමි.

9- මම ශාරීරික අවශ්යතා ඉටු කිරීමෙන් පසුව මගේ අත් සෝදා ගනිමි.

10- මම මගේ වම් පාදය පිටතට තබා“ගුෆ්රානක” තේරුම- ඔබෙන් සමාව අයද සිටිමි යැයි කියමි.