උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. එතුමා මෙසේ පැවසීය: “දිනක් අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ අප වෙත සුදෝ සුදු ඇඳුමකින් හා කළුවන් හිසකෙස් සහිත මිනිසෙකු පැමිණීය. ගමනක සළකුණක් හෝ ඔහු මත දැක ගන්නට නොවීය. අප අතරින් කිසිවකුත් ඔහුව හඳුනන්නේ ද නැත. අවසානයේ ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල) වෙත ඔහුගේ දණහිස් දෙක එතුමාගේ දණහිස් දෙකට ළං කර, තම අත්දෙක එතුමාගේ කලවා දෙක මත තබා වාඩි වී මෙසේ විමසීය: "අහෝ මුහම්මද්! මට ඉස්ලාමය ගැන තොරතුරු දන්වන්න." එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “ඉස්ලාම් යනු ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත්, සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, සලාත් ඉටු කිරීම, සකාත් දීම, රමළාන්හි උපවාසය රැකීම, හැකියාව දරන්නේ නම් දේව නිවනට ගොස් හජ් වන්දනා ඉටු කිරීම' යැයි පැවසූහ. ඔහු ‘ඔබ සත්යමය ප්රකාශ කළෙහිය’ යැයි පවසා සිටියේය. ඔහු ගැන අපි පුදුමයට පත්වූයෙමු. ඔහු එතුමාගෙන් විමසයි. එය සත්ය යැයි ද පවසයි. ඔහු තවදුරටත්, ‘ඊමානය ගැන තොරතුරු මට දන්වනු' යැයි විමසා සිටියේය. එවිට එතුමා, 'අල්ලාහ්, ඔහුගේ මලාඉකාවරු, ඔහුගේ ග්රන්ථ හා ඔහුගේ දූතයින්, හා අවසන් දිනය ඔබ විශ්වාස කිරීම හා හොද හෝ නරක පෙර නියමයට අනුව සිදුවන බව ඔබ විශ්වාස කිරීමයි.' යැයි කීහ. එවිට ඔහු, 'ඔබ සත්යමය ප්රකාශ කළෙහිය.' යැයි කීය. නැවතත් ‘මට ඉහ්සාන් ගැන දන්වා සිටින්න’ යැයි පැවසීය. එතුමා, 'ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුට නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි.' කීහ. පසුව ඔහු, 'මට අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටින්න' යැයි පැවසීය. එතුමා, 'විමසනු ලබන්නාට වඩා විමසන්නා ඒ ගැන දන්නාය.’යැයි කීහ. ඔහු ‘අවසන් දිනයේ සළකුණු ගැන මට දන්වන්නැ.'යි කීය. එතුමා, 'වැහැලියක් තම ස්වාමි පුත්රයා බිහි කරනු ඇත. පාවහන් නොමැති නිර්වස්ත්ර, එළුවන් බලා ගන්නා එඩේරුන් උස් ගොඩ නැගිලි ඉදි කිරීමෙහි එකිනෙකා තරඟ වදිති.' යැයි කීහ. පසුව ඔහු හැරී ගියේය. එතුමා මදක් රැඳී සිට පසුව මෙසේ විමසීය. ‘අහෝ උමර්! මගෙන් මෙසේ කරුණු විමසා සිටි තැනැත්තා කවුරුන්දැයි ඔබ දන්නෙහි ද?' එවිට මම, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දන්නාය". යැයි පැවසුවෙමි. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, “සැබැවින්ම ඔහු ජිබ්රීල්ය. නුඹලාට නුඹලාගේ දහම ඉගැන්වීම සඳහා ඔහු නුඹලා වෙත පැමිණියේය.” යැයි පැවැසුවේය. මෙය මුස්ලිම් විසින් වාර්තා කරන ලදී.
මෙම නබි වදනේ වැදගත්කම.
1-ඉස්ලාම් අනිවාර්ය කුළුණු පහක් මත ඉදි කර ඇති බව සඳහන් වීම.
නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම.
තවද, සලාත් ඉටු කිරීම,
සකාත් දීම,
රමළාන්හි උපවාසය රුකීම,
ශුද්ධ වූ නිවස වෙත ගොස් හජ් වන්දනා ඉටු කිරීම.
2- ඊමාන් හෙවත් විශ්වාසය අනිවාර්ය කුළුණු හයක් මත ඉදි කර ඇති බව සඳහන් වීම.
අල්ලාහ් විශ්වාස කිරීම.
ඔහුගේ සුරදූතයින් විශ්වාස කිරීිම,
ඔහුගේ ග්රන්ථ ගැන විශ්වාස කිරිම.
ඔහුගේ පණිවිඩකරුවන් (රසූල්වරුන්) විශ්වාස කිරීම.
අවසන් දිනය විශ්වාස කිරීම.
හොඳ හෝ නරක පෙර නියමයට අනුව (අල්ලාහ් විසින් තීරණය අනුව) සිදුවන බව ඔබ විශ්වාස කිරීමයි.
ඉහ්සාන් හි කුළුණු ගැන සඳහන් කිරීම. එය එක් කුළුණකින් සමන්විත වේ. එය වනාහි: "ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුව නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි" යන්නයි.
අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටීම, එහි වේලාව පිළිබඳ අල්ලාහ් හැර වෙන කිසිවෙකු නොදනී.
සිව්වන හදීසය.