"දෙවිඳාණන් අල්ලාහ්ගේ පුස්තකයෙන් (ශුද්ධ වූ අල්කුර්ආනයෙන්) අකුරක් කියවන්නේ නම්" යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරනන?

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කෙනෙකු විසින් දෙවිඳාණන් අල්ලාහ්ගේ පුස්තකයෙන් (ශුද්ධ වූ අල්කුර්ආනයෙන්) අකුරක් කියවන්නේ නම්, ඒ තැනැත්තාට එක් පිනක් ලැබෙන්නේය. ඒ එක් පින දස ගුණයක් බවට පත් වෙයි. අලිෆ් -ලාම් - මීම් යනු එක අක්ෂරයක් යැයි මා නොපවසමි. එහෙත් අලිෆ් එක් අක්ෂරයකි, තවද ලාම් තව අක්ෂරයකි, මීම් තවත් අක්ෂරයකි.“ ඉමාම් තිර්මිදි විසින් මෙය වාර්තා කර ඇත.

මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

1. අල්කුර්ආනය පාරායනය කිරීමේ වැදගත්කම

2. ඔබ කියවන සෑම අකුරකම ඔබට යහපතක් ඇති බව.