ප්රශ්න අංක 12: "අධික ලෙස දොස් නගන්නා හෝ ශාප කරන්නා හෝ දුෂ්ටකම් කරන්නා" යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අධික ලෙස දොස් නගන්නා හෝ ශාප කරන්නා හෝ දුෂ්ටකම් කරන්නා හෝ අසභ්ය වචන කතා කරන්නා හෝ පූර්ණ දේව විශ්වාසියෙකු වන්නේ නැත. ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

1- සියලුම අසත්ය සහ අසභ්ය කතා තහනම් කිරීම.

2- එසේ නොකිරීම දේව විශ්වාස කරන්නේකුගේ දිවෙහි දක්නට ලැබෙන ලක්ෂණයකි.

දහතුන්වැනි හදීසය.