ප්රශ්න අංක 1. "සියලු ක්රියාවන් චේතනාව (නියියතය) මත තීරණය කරනු ලැබේ. " යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.

මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව විශ්වාස කරන්තන්ගේ නායක උමර් බින් අල් හත්තාබ් (රළියල්ලාහු අන්හු) වාර්තා කරයි. “ක්රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුම තම චේතනාව මත ප්රතිඵලය හිමි කර ගනී. එබැවින් කවරෙකුගේ හිජ්රත් හෙවත් දේශාන්තරය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් කරන්නේද, ඔහුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ හිජ්රතය ලෞකික ප්රතිලාභ සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා පිහිටියේ ද ඔහුගේ හිජ්රතය ඔහු කවර දෙයක් වෙත හිජ්රත් ගියේ ද ඒ සඳහා පිහිටනු ඇත. " යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කළ ප්රකාශයට මා සවන් දුනිමි. බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා වීඇත.

මෙම නබි වදනෙන් උගතු යුතු පාඩම්.

1. සෑම ක්රියාවක් සඳහා, එනම් සලාතය, සව්ම් හෙවත් උපවාසය, හජ් සහ වෙනත් මෙවැනි ක්රියාවන් සඳහා චේතනාවක් තිබිය යුතුය.

2. සර්වබලධාරී අල්ලාහ් කෙරෙහි කෙනෙකුගේ චේතනාව තුළ අවංකභාවයක් තිබීම අවශ්ය වේ.

දෙවන (හදීස්) වදන.