පිළිතුර- අල්-ෆලක් (අරුණෝදය) සහ එහි අර්ථ විග්රහය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. “(නබිවරය!) අරුණෝදයේ පරමාධිපතිගෙන් මම ආරක්ෂාව පතමි යැයි පවසනු.” 2. “ඔහු මැවූ දෑහි හානියෙන්.” 3. තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද. 4. තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද. (5) තවද, ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන්ද (ආරක්ෂාව පතමි). (සූරතුල් අල්-ෆලක් :1-5)
අර්ථ විග්රහය:
1. අහෝ දූතය! ඔබ පවසන්න මම හිමිදිරියේ පරමාධිපතියාණන්ගෙන් ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.
2. වේදනා ගෙන දෙන මැවීම්වල හානියෙන් ද.
3. සොරුුුන්, සතුරන් හා සතුන්ගෙන් රාත්රියේදී සිදුවිය හැකි හානියෙන් ද මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි.
4. ගැට මත පිඹ හූනියම් කරන හූනියම් කරුවන් හා සූනියම් කාරියන්ගේ නපුරෙන්ද මම ඔහුගෙන් ආරක්ෂාව පතමි.
5. සිදු කරන යම් ක්රියාවක් තුළින් ඊර්ෂ්යාවක් ඇති වන්නේද එසේ ඊර්ෂ්යා කරන්නාගේ හානියෙන්ද මම ආරක්ෂාව පතමි.