ප්රශ්න අංක 5: වුදූ කිරීමේ අනිවාර්ය කරුණු මොනවාද, ඒවා කීයක් තිබේද?

පිළිතුර - මේවායින් එක් කරුණක් හෝ අත්හැරුණු විටක එම මුස්ලිම් පුද්ගලයාගේ වුළු හෙවත් පිරිසිඳු කිරීම වලංගු නොවේ.

1- මුහුණ සේදීම ඒ අතරින් නාසයට ජලය අතුලත් කර පිරිසිදු කිරීමද අයත් වේ.

2- අත් දෙක වැලමිට දක්වා සේදීම.

3- හිස තෙත් අතින් පිරිමැදීම සහ එම තෙත් අතින් කන්දෙක පිරිමැදීම.

4- දෙපා වළලුකර ඇතුලුව සේදීම.

5- පිරිසිඳු කිරීමට අදාල ස්ථාන පිළිවෙලකට කිරීම. මුහුණ සේදීම, පසුව අත් පිරිසිඳු කිරීම, පසුව හිස පිස දැමීම, පසුව දෙපා සේදීම.

6- අල්-මුවාලාත්: එනම් එක් කොටසක් සෝදා එම කොටස වියළන තෙක් ප්රමාද නොකර අඛණ්ඩව ඉටු කිරීම.

එසේම වුළුහි අඩක් ඉටුකර ඉතුරු කොටස වෙනත් වේලාවක ඉටුකිරීම තුලින් වුළු වලංගු නොවේ.