ප්රශ්න අංක 37. උපවාසශීලය පිළිබඳව හැඳින්වීමක් කරන්න.

එය (අල්ලාහ් වෙනුවෙන් යන) චේතනාවකින් යුක්තව අලුයම උදාවේ සිට හිරු බැස යන තෙක් (ආහාර පානාදිය, ලිංගික ඇසුර හා වෙනත්) උපවාසය අවලංගු කරන දෑ යනාදියෙන් වැළකී, අල්ලාහ්ට වන්දනා මානය කරනු ලබන පිළිවෙතක් වන අතර එය වර්ග දෙකකි:

එනම්, අනිවාර්යවූ උපවාසශීලය: මෙය ඉස්ලාමයේ කුළුණු වලින් එකක් වන රමළාන් මාසයේ උපවාසශීලයේ යෙදීම වැනිය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: “අහෝ විශ්වාස කළවුනි! නුඹලා බැතිමත් විය හැකිවනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය අනිවාර්යය කරනු ලැබීය.” (සූරා බකරා 2:183)

අනිවාර්ය නොවන උපවාසය: උදාහරණයක් ලෙස, සෑම සතියකම සඳුදා සහ බ්රහස්පතින්දා උපවාසයේ යෙදීම සහ සෑම මාසයකම දින තුනක් උපවාසශීලයෙහි යෙදීම. මේ අතරින් හොඳම ඒවා වන්නේ සෑම මසකම ‘අය්යාමුල් බීළ්" (සුදු දින) හෙවත් සෑම චන්ද්ර මාසයකම 13, 14 සහ 15 වැනි දිනයන්හිදී උපවාසශීලයෙහි යෙදීම වේ.