පිළිතුර- සලාත් ඉටු කරන ආකාරය.
1. වටපිට බැලීමකින් තොරව ඍජූව කෙනෙකුගේ මුළු ශරීරයෙන්ම කිබ්ලාව දෙසට හැරී සිටීම.
2. පසුව චේතනාව වචනයෙන් ප්රකාශ නොකර අවශ්ය කරන සලාතය වෙනුවෙන් චේතනාව සිතින් පිහිටුවා ගනී.
3. පසුව දෑත් තම උරහිසට සමාන්තර ව ඔසවා ‘අල්ලාහු අක්බර්’යැයි ආරම්භ තක්බීරය පැවසීම.
4. තම පපුව මත වමත් බාහු ව තබා ඒ මත දකුණත තබා ගැනීම.
5. පසු ව ප්රාරම්භක ප්රාර්ථනාව උසිරීම. අල්ලාහුම්ම බාඉද් බයිනී වබයින හතායාය කමා බාඅද්ත බයින අල් මෂ්රිකි වල් මග්රිබි අල්ලාහුම්ම නක්කිනී මින් හතායාය කමා යුනක්කස්සව්බුල් අබ්යළු මිනද් දනස්. අල්ලාහුම්ම අග්සිල්නී මින් හතායාය බිල් මාඉ වස්සල්ජි වල් බරද්. තේරුම: යා අල්ලාහ්! ඔබ බටහිර හා නැගෙනහිර දුරස් කලාක් මෙන් මා අතර හා මාගේ පාපයන් අතර දුරස් කරත්වා! අහෝ අල්ලාහ්! සුදු ඇඳුමින් කුණු ඉවත් කරන්නාක් මෙන් මාගේ පාපයන්ගෙන් ද මා පිරිසිදු කරත්වා ! අහෝ අල්ලාහ්! පිනිකැට වලින්, සිසිලෙන් හා ජලයෙන් මාගේ පාපයන් මගෙන් සොදා හරිනු මැනව!
සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක. තේරුම: යා අල්ලාහ්! ඔබේ ප්රශංසාවෙන් ඔබ පිවිතුරුය. ඔබේ නාමය සමෘද්ධිතය. ඔබේ කීර්තිය උත්තරීතරය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත.
6. පසුව පහත සඳහන් කළ ආකාරයට අඌදු පැවැසීම: අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් "පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි." යැයි පාරායනය කිරීම. 7. පසුව පහත සඳහන් ආකාරයට බිස්මිල්ලාහ් පවසා සූරතුල් ෆාතිහා පාරායනය කිරීම. ‘බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්’ (1) -මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්- ‘අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්’ (2) -ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමි වේවා! ‘අර් රහ්මානිර් රහීම්’ (3) - ඔහු මහා කාරුණික පරම දයාබරයාණන්ය. ‘මාලිකි යව්මිද් දීන්’ (4) -විනිශ්චය දිනයේ අධිපතිය. ‘ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්’ (5) -අපි ඔබවම නමදිමු. ඔබෙන් පමණක් පිහිට පතමු. ‘ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්’ (6) -අප ඍජු මග යොමු කරනු මැනව! ‘සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල් ළාල්ලීන්’ (7) ඔබ ආශිර්වාද කළ අයගේ මාර්ගයයි. ඔබේ කෝපයට භාජනය වූවන්ගේ හෝ මුළාවූවන්ගේ මාර්ගය නොව. (අල් ෆාතිහා 1:1-7)
පසුව (ආමීන්) යනුවෙන් පැවසීම, එහි අර්ථය : යා අල්ලාහ්! පිළිතුරු සපයන්න.
8. පසුව අල්කුර්ආනයෙන් පහසු කොටසක් පාරායනය කිරීම. සුබ්හු සලාතයේ දී දීර්ඝ සූරාවන් පාරායනය කිරීම.
9. පසුව රුකූ කරයි. එනම් අල්ලාහ්ව මහිමයට පත් කිරීම වස් තම කොන්ද නමා රුකූ කරයි. රුකූ කරන විට ''අල්ලාහු අක්බර්'' යැයි පවසයි. රුකූ සඳහා නැමෙන විට අත් දෙක ඔහුගේ උරහිස් දක්වා ඔසවයි. සුන්නාහ් ක්රමය නම්: ඔහුගේ පිටකොන්ද සමාන්තර ව තබා හිස ද ඍජු ව තබා ගැනීමයි. තවද ඇඟිලි ඈත් කොට, දෑත් තම දණහිස් මත තබයි.
10.පසු ව ''සුබ්හාන රබ්බියල් අලීම්''යැයි තුන් වරක් පවසයි. වැඩියෙන් පවසන්නේ නම් එවිට « සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික, අල්ලාහුම්ග් ෆිර්ලී» යනුවෙන් පැවසීම උචිතයි.
11-පසුව "සමිඅල්ලාහු ලිමන් හමිදා" යනුවෙන් පවසමින් රුකූ ඉරියව්වේ සිට හිස ඔසවයි, එවිට ඔහු තම උරහිසට සමාන්තරව තම දෑත් ඔසවයි. (ඉමාම්ව අනුගමනය කරන) මඃමූන්වරු "සමිඅල්ලාහු ලිමන් හමිදා" යනුවෙන් පවසන්නේ නැත: ඒ වෙනුවට ඔවුහු " රබ්බනා ලකල් හම්දු", යනුවෙන් පවසති.
12. පසුව නැගිට සිටීමෙන් පසු "රබ්බනා ලකල් හම්දු මිල්අස්-සමාවාති වමිල්අල්-අර්ළි මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" යනුවෙන් පවසයි.
13. ඉන්පසු ඔහු පළමු සුජූද් කරයි. සුජූද් කරන විට "අල්ලාහු අක්බර්" යැයි පවසයි. ඔහු තම අවයව හතක් එනම්, නළල, නාසය, අත්ල, දණහිස සහ පාදවල ඇඟිලි තුඩු පොළොව මත පතිත වන සේ සුජූද් කරයි. තවද ඔහුගේ දෑත්හි බාහු කොටස ඇළපැති දෙපැත්තෙන් දුරස්ව තබා ගනීයි. තම වැලමිට පොළොව මත නොතබා ඇඟිලි තුඩු කිබ්ලා දෙසට හරවා තබා ගනී.
14. පසු ව ''සුබ්හාන රබ්බියල් අඃලා''යැයි තුන් වරක් පවසයි. වැඩියෙන් පවසන්නේ නම්, «සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික, අල්ලාහුම්ග් ෆිර්ලී» යනුවෙන් යනුවෙන් පැවසීම උචිතයි.
15. පසු ව සුජූද් තත්වයේ සිට ''අල්ලාහු අක්බර්'' යැයි පවසා තම හිස ඔසවයි.
16. ඉන්පසු සජදා දෙක අතර හිඳීමේදී ඔහු වම් කකුල මත වාඩි වී දකුණු පාදය සිටුවා තබා ගනී. තවද දණහිසට යාබද දකුණු කලවා මත තම දකුණු අත තබා ගනී. දකුණතෙහි මහපට ඇගිල්ල මැදඟිල්ලට යටින් පිහිටන සේ තබා ගනී. වෙදඟිල්ල හා සුළැඟිල්ල මොළවා ගනියි. දබරැඟිල්ලෙන් සංඥා කර ප්රාර්ථනා කරන විට දී එය සොලවයි. තවද දණහිසට යාබද වම් කලවා මත තම වමත තබා ගනී.
17. සජදා දෙක අතර හිඳගෙන මෙසේ පාරායනය කරයි. ‘රබ්බිග් ෆිර්ලී වර්හම්නී, වහ්දිනී, වර්සුක්නී, වජ්බුර්නී, වආෆිනී.’
18. පසුව ආරම්භයේ සිදු කළාක් මෙන් තක්බීර් පවසා දෙවන සුජූදය ඉටු කරයි.
19. ඉන්පසු ''අල්ලාහු අක්බර්'' යනුවෙන් පවසමින් දෙවන සුජූදයෙන් නැඟිට සිට ගනී.පසුව පළමු රකආතය මෙන්ම දෙවන රකඅතයද ඉටු කරයි. නමුත් මෙහිදී ප්රාරම්භක ප්රාර්ථනාව නොපවසයි.
20. පසුව දෙවන රකඅතය අවසන් වීමෙන් පසු ''අල්ලාහු අක්බර්'' යනුවෙන් පවසමින් සජදා දෙක අතර වාඩිවූ ආකාරයට හිඳ ගනීයි.
21. මෙම හිඳීමේදී අත්තෂහ්හුදය මෙසේ පාරායනය කරයි. “අත්තිය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු, අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. අඌදු බිල්ලාහි මින් අදාබි ජහන්නම, වමින් අදාබිල් කබ්රි, වමින් ෆිත්නතිල් මහ්යා වල්මමාත් වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්” තේරුම: සියලු පඬුරු ආශිර්වාද හා යහපත අල්ලාහ් සතුය. අහෝ නබිවරය! ඔබට ශාන්තිය හිමි වේවා. එමෙන්ම අල්ලාහ්ගේ කරුණාවත් සමෘද්ධියත් හිමි වේවා. මතත් වූ අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් හටත් හිමි වේවා! නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයකු බවද මම සාක්ෂි දරමි. අහෝ අල්ලාහ්, ඔබ ඉබ්රාහීම් හා ඉබ්රාහීම්ගේ පවුලේ උදවියට ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්රශංසාලාභීය. කීර්තිමත්ය. ඔබ ඉබ්රා්හීම් හා ඉබ්රාඅහීම්ගේ පවුලේ උදවියට සමෘධිය ඇති කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට සමෘධිමත් කරත්වා! තවද, මම නිරයේ වේදනාවෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. මිනීවලේ ඇති විය හැකි වේදනාවෙන්ද ආරක්ෂාව පතමි. මසීහ් අද්දජ්ජාල්ගේ කරදර වලින්ද ආරක්ෂාව පතමි. ජීවතුන් අතර සිටියදීත් මරණයෙන් පසුවත් ඇතිවිය හැකි අවුල් සහගත ස්වභාවයෙන්ද අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. පසුව මෙලොව සහ පරලොව යහපත සඳහා තමන් කැමති දේ වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටී.
22. "පසුව අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්" යැයි පවසා දකුණු දෙසට හැරී සලාම් පවසයි. එමෙන්ම වම් දෙසට හැරී ද සලාම් පවසයි.
23. රකඅත් තුනකින් සහ හතරකින් සමන්විත සලාතයකදී පළමු තෂහ්හුදය පාරායනය කරන විට එහි අවසාන වදන, එනම්: ''අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු'' දක්වා පාරායනය කරයි.
24. පසු ව තක්බීර් පවසා නැගිට සිටියි. එවිට දෙඅත් උරහිසට සමාන්තර ව ඔසවයි.
25.පසු ව ඉතිරි රකඅත් (වට) ගණන (තුන්වැනි හා හතරවැනි රකආතයන්) ඉටු කරයි. කෙසේ වෙතත්, මේ රකඅත්වල අල්-ෆාතිහා කියවීමට සීමා කරයි.
26. පසු ව (අවසාන තෂහ්හුදය පැවසීම සඳහා) තවර්රුක් ක්රමයට වාඩි වෙයි. වම් පාදය දකුණු කකුලේ කෙණ්ඩයට යටින් පිටතට එන සේ තම පසුපස බිම තබා දකුණු පාදය සිටුවා තබා ගනියි. (තවද පසුපස බිම තබා තම වම් පාදය දකුණු දෙසින් පිටතට එන සේ තබා ගැනීමටද හැක.) තවද පළමු තෂහ්හුද් අවස්ථාවේදී තබා ගත් ක්රමයට අත්ල කලව මත තබයි.
27. තවද මෙම ඉඳුමෙහි මුළු තෂහ්හුදය කියවයි.
28. පසුව "අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්"යැයි පවසා දකුණු දෙසට හැරී සලාම් පවසයි. එමෙන්ම වම් දෙසට හැරී ද සලාම් පවසයි.