ප්රශ්න අංක 21: සලාතයක මූලිකාංග කීයක් තිබේද?

සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංග 14 ක් තිබේ.

පළමුව- අනිවාර්ය සලාතයකදී නැගීට සිටිමට ශක්තිය ඇත්තා නැගිට සිටිමින් සලාතය ඉටු කිරීම.

"අල්ලාහු අක්බර්" යනුවෙන් ආරම්භ තක්බීරය පැවසීම.

සූරතුල් ෆාතිහා පාරායනය කිරීම.

(සෑම රකඅතයකම) රුකූඋ කිරීම. කොන්ද සමතලා කර (දෑත් දණහිස් මත තබා) ඔහුගේ හිස ඒ(කිබ්ලා) දෙසට හරවන තෙක් නැමිය යුතුය.

එහි සිට නැගිට සිටීම.

අල් ඉඃතිදාල් හෙවත් රුකූඋ ඉරියව්වෙන් නැගිට ආරම්භයේ මෙන්ම ඍජු ව සිට ගැනීම.

සුජූද් කිරීම- සුජූද් කිරීමේ දී නළල, නාසය, අත්ල දෙක, දණහිස් දෙක, දෙපා ඇඟිලි පොළොව මත තබා සුජූද් කිරීම අවශ්ය වේ.

සුජූද් තත්ත්වයෙන් නැගිටීම.

සුජූද් දෙක අතර වාඩි වී සිටීම.

මෙහිදී සුන්නත් වූ ක්රමය - ඉෆ්තිරාෂ් ක්රමයට හිඳ ගැනීම. එනම්, වම් කකුල මත වාඩි වී දකුණු පාදය සිටුවා තබා ගැනීම සහ තම දෑත් කලව මත තබා කිබ්ලා දෙසට හැරී (වාඩිවී) සිටීම. යළි දෙවන සජදා ඉටුකිරීම.

පෙර සඳහන් කළ සෑම ක්රියාවකම මදක් සන්සුන්ව රැඳී සිටීම.

අවසන් ෂහාදා ප්රකාශ කිරීම.

එහි වාඩි වී සිටීම.

" අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ් " යනුවෙන් දෙවරක් කීම.

මෙහි අප සඳහන් කළ ආකාරයට මූලිකාංගයන් අනු පිළිවෙළින් ඉටු කිරීම. උදාහරණයක් ලෙස: කෙනෙකු විසින් රුකූඋ කිරීමට පෙර හිතාමතාම සුජූද් කළේ නම් සලාතය අවලංගු වේ. නොදැනුවත්ව කළා නම් නැවත රුකූඋ කර පසුව සුජූද් කිරීම අවශ්ය වේ.