ප්රශ්න අංක 19: මුස්ලිම්වරයෙකුට දිනකට, එනම් දිවා සහ රාත්රි කොපමණ සලාත් සංඛ්යාවක් තිබෙනවාද ? එක් එක් සලාතයන් සඳහා රකආත් (වට ගණන්) කීයක් තිබේද?

පිළිතුර - දිනකට දිවා රාත්රි සලාතයන් (යාච්ඤාවන්) පහක් ඇත. ෆජ්ර් සලාතය: රකආත් දෙකක්, ළුහර් සලාතය: රකආත් හතරක්, අසර් සලාතය: රකආත් හතරක්, මග්රිබ් සලාතය: රකආත් තුනක්, සහ ඉෂා සලාතය: රකආත් හතරක් යනුවෙන් විස්තර කෙරේ.