ප්රශ්න අංක 12: සම් උර මත පිස දැමීම වලංගු වීම සඳහා ඇති කොන්දේසි මොනවාද?

1-සපත්තු පිරිසිඳු තත්ත්වයේ තිබෙන විට හෝ වුළු කිරීමෙන් පසු පැළැදීම.

2- සම් උර පිරිසිඳු තත්ත්වයේ තිබිය යුතුයි. ඒවා අපිරිසිදු නම් ඒ මත පිස දැමීමට නොහැක.

3- වුළු ගන්නා විට සේදිය යුතු ස්ථානය සම් උරයෙන් ආවරණය වී තිබිය යුතුය.

4- පිසදැමීම නිශ්චිත කාල සීමාව තුළ සිදු විය යුතුය. ගමන් බිමන්වල නොයෙදෙන පදිංචිකරුවෙකු සඳහා, එක් දිනක් සහ එක් රාත්රියක් ද, ගමන් බිමන්වල යෙදෙන කෙනෙකු සඳහා දවස් තුනක් හා රාත්රි තුනක් ද වශයෙනි.